සම්භාහනය කරන බව පෙන්වලා කතුන් පිරිමින්ට විකුණලා

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වටලා තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ අලුත්ගම නගරයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවෙකු හා සැකකාරියන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 57 ක් වන අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන් අවුරුදු 23 ත් 43ත් අතර වයස්වල පසුවන තල්ගස්වල, මත්තක, ඇල්පිටිය, කිරිඇල්ල, නවන්තුඩුව, උඩකරවිට, වාද්දූව, මොරටුව, බදුල්ල, මාස්පොත, නුවරඑළිය සහ බිබිල ප්‍රදේශවල පදිංචිකාරියන් බවට අනාවරණය වී තිබෙනවා.

අලුත්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්