තලවතුගොඩ අවන්හලක ගින්නක් – සිරවී සිටි සිව්දෙනෙක් බේරාගැනේ

තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලක ගින්නක් හැරගෙන තිබෙනවා.

අවන්හල තුළ සිරවී සිටි සිව්දෙනෙක් බේරාගෙන රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 03ක් යොමුකර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරන අතර,තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.