ගිනිගත් වැඩිහිටි නිවාසය, කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බව ඇමති කියයි

හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන්ගේ රැදවුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සඳහන් කළේ මෙම රැදවුම් මධ්‍යස්ථානය කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යන ලද්දක් බවයි.

2000 අංක 9 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමේ පනතට අනූව යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වැඩිහිටියන් පස්දෙනෙක්ට (05) වැඩි පිරිසක් වැඩිහිටි නිවාසයක් ලෙස රඳවා තබා ගන්නේනම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයෙන් ලියාපදිංචියක් ලබා ගතයුතු බවත් එසේ නොවන්නේ නම් එය නීති විරෝධී බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමාජ සේවා නිළධාරී, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් මගින් වැඩිදුරටත් එහි විමර්ෂණ කටයුතු සිදු කරන බවයි.

කෙසේ වුවද මෙම සිදුවීමේදී ජීවිත ආරක්ෂා කරගත් අයවලුන් අතරින් පිරිසක් භාරකරුවන් වෙත ලබා දීමත්, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් 08 දෙනෙක් රජය මගින් පාලනය කරන කතරගම සිල්වර් ඒජ් මධ්‍යස්ථානය වෙත ආයතනයට යොමු කළ බවත්, වැඩිහිටියන් නොවන ආබාධ සහිත පුද්ගලයන් 39 රජයේ ආබාධ සහිත පුද්ගලයන් රැකවරණය ලබන රැදවුම් මධ්‍යස්ථන වෙත යොමු කළ බව අමාත්‍ය උපාලි පන්නිල සඳහන් කළා.

  1. දෙයක් උනාට පසු බයිල ගහල වැඩක් නෑ
    අවසරයකින් තොරව පවත්වාගෙන යනවා නම් පලාතේ ග්‍රාම නිළධාරි තුමා හෝ තුමිය ප්‍රාදේශීය නිළධාරි දැනුවත් කර පොලීසිය දැනුවත් කර හෝ ඉවත් කළ යුතුය. එය නොකළ හැමෝම වැරදි කරුවන්ය

    පත්වූ රජය වගේම පැවති රජයවල් ගම් දනව් ගානේ යද්දී මේ වගේ පහසු කම් නැති නිවාස දැක්කේ නැතිද
    වග කිවයුතුන්‍ ය.
    කුමන හෝ මානසික රෝගී තත්වයක් ඇති මා පියන් වැඩිහිටි නිවාසයකට ගෙනත් දමන දරුවන් හැමෝම වැරදි කරුවන්ය.
    ආයතනයේ හිමිකරු බැරි බර කරේ දමන් ගිය ගමනක් එත් එතුමා තේරුම් ගන්න තිබුනා මේසා විශාල වගකීමකින් මේ අසරන මාපියන් රෝගීන් ගේ සෞඛ්‍ය එන්නම පිරිහෙන බව.
    කළ හොඳ පස්සෙන් වගේ එතුමාගේ දැනුමේ හැටියට කළ හොඳ එතුමාට කැරකී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18