එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පෘථිවියට සුවිසල් හානියක්

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් “පෘථිවියට සුවිසල් හානියක්” සිදුවී ඇතිබව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතවරිය පවසයි.

එම නැවෙන් පරිසර පද්ධතියට සැලකිය යුතු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක්  පරිසර පද්ධතියට එක්වීම හේතුවෙන් එසේ සිදුව ඇති බව ඇය පැවසීය.   

සිංගප්පුරු ධජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය වෙත එමින් තිබියදී එහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් මැයි 20 2වනදා ගිනි ගැනීමකට ලක්විණි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය නීර්ණය කිරීමටත් වන්දි ලබා ගැනීමට සහ ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව ට ලබාදෙන බවය. 

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වන හානා සිංග-හම්දී පවසන්නේ, “මේ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපයේ ජීවත්වන ජනතාවගේ ජීවිතවලට සහ අදායම් මාර්ග සඳහා” බලපෑම් ඇති කර ඇති බවය.

යුරෝපීය සංගමයේ සහයෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවීම් සහ රසායනික ද්‍රව්‍ය ගැන විශේෂඥ දැනුම සහිත එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

මේ වනවිට නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමෙන් ඩොලර් මිලියන 40ක අතුරු හිමිකම් වන්දියක් ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ. ඒ ගින්න පාලනය සඳහා වැයවූ වියදමේ කොටසක් පියවා ගැනීමට බව මෙරට බලධාරීන් පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45