රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

අද පස්වරු 5.10ට පමණ මඩකලපුව සින්නවූර්ණි ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය S වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදීයි.

අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මීට දින කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ වැලි ටිපර් රථ රියදුරා සහ අදාළ පොලිස් නිලධාරියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

අද දින අදාළ ටිපර් රථ රියදුරා ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

වෙඩි තැබීම සිදුකල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවසේ සිට නැහැ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08