ආණ්ඩුව ගන්නා බව කියන තීරණයක් ගැන සජබයට කුකුසක්

උපරිමාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහල නැංවීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයක් පිළිබඳව මේ දිනවල සමාජය තුළ බරපතළ සංවාදයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගය පවසනවා.

මෙවන් මොහොතක මෙවැනි තීරණයක් ගැනීමට ඇති අවශ්‍යතාව ආණ්ඩුව විසින් කිසිදු පැහැදිලි කිරීමක් හෝ සිදු නොකිරීම බරපතළ සැකයකට තුඩු දෙන කරුණක් බවයි සමඟි ජන බලවේගය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වුණේ.

මෙම පිළිබඳව වහාම කරුණු පැහැදිලි කිරීම ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සතු වගකීමක් සහ වගවීමක් බවට ද සමඟි ජන බලවේගය අවධාරණය කරනවා.

උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දක් බව සමඟි ජන බලවේගයේ නිවේදනයේ සඳහන්.

එහි වෙනසක් හෝ සංශෝධනයක් සිදු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයකින් පමණ බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොදැන සිටීම පුදුමයට කරුණක් බවද සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකසිය අනූ හතර වැනි (194) පිටුවේ පැහැදිලිව ම සඳහන් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකින් ද සම්මත කර ගන්නා බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කරනු ලබන සංශෝධන වලට එරෙහිව අතීතයේ දී වැඩි ම හඬක් නැගූයේ ද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව කරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් න්ය.

බලය ලබා ගැනීම සඳහා විවේචන, විරුද්ධ වීම සහ ජනතා පෙළගැස්වීම් සිදු කළ වර්තමාන පාලකයින් යළියළිත් පෙන්වා දෙන්නේ ඔවුන් සිදු කළ ප්‍රකාශ හා ක්‍රියාවට නංවන වැඩපිළිවෙල අතර බරපතළ පරස්පරයක් ඇති බව යි.
මෙම යෝජනාව තුළ ආණ්ඩුව පැහැදිලිව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබන අතර නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් සිදු කරනු ලැබේ.
මෙවැනි සංශෝධනයක් තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ? වර්තමානයේ අධිකරණ තුළ කටයුතු කරන ගරු විනිසුරුතුමන්ලා අනුප්‍රාප්තිකයින් ලෙස කටයුතු කිරීමට සුදුස්සන් නොවන බව ද ? නැතහොත් යම් ඉලක්කගත පුද්ගලයකුට හෝ කිහිප දෙනකුගේ අවශ්‍යතාවන් ඉටු කොට ඒ තුළින් අධිකරණයට වක්‍ර බලපෑමක් සිදු කිරීම ද ? මෙම ප්‍රශ්න සමාජය තුළ කථිකාවට ලක්ව ඇති සාධාරණ කරුණු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43