IPL අවසන් මහා තරගයට ගුජරාට් කාලගුණයෙන් කහ නිවේදනයක්

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයවන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් මහා තරගයේ දී වත්මන් අයි.පී.එල් ශූරයින්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

අවසන් මහා තරගය අද (31) පස්වරු 7.30ට ආරම්භවීමට නියමිත අතර, ගුජරාට් ප්‍රාන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ සඳහා කහ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරු ඇඟවීම අනුව අවසන් මහා තරගය පැවැත්වෙන අද දිනයේදී තද සුළං වේගයක් සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පෙන්නුම් කරනවා.

අවසන් මහා තරගය පැවැත්වෙන අද (31) දිනයේ කාලගුණය හෝ වෙනත් බාධාවක් ඇතිවුවහොත් ඊට පසු දින එනම් හෙට දිනය ඒ සඳහා වෙන්කර තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (01) දිනයේ වර්ෂාපතනය වැඩිවනු ඇති බවයි කාලගුණ අංශ අනාවැකි පළකර ඇත්තේ.

අවසන් තරගය දින දෙකක් තුළ අවසන් කළ නොහැකි නම්, ලීග් අදියර ලකුණු සටහනයේ ගුජරාට් කණ්ඩායමට වඩා බැංගලෝර් කණ්ඩායම ඉහළින් පසුවීම හේතුවෙන් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රාහකයින් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted