2026 මිස් යුනිවර්ස් තරඟය සඳහා සහභාගී නොවීමට ප්රංශය තීරණය කර තිබෙනවා.
මිස් ප්රංශ සමගම නිවේදනය කර ඇත්තේ දශක හතකට වැඩි කාලයකට පසු, 2026 මිස් යුනිවර්ස් තරඟයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.
ඒ, අනුව මෙවර මිස් යුනිවර්ස් තරගය වෙනුවෙන් ප්රංශය විසින් ප්රංශ රූ රැජිණිය ඉදිරිපත් නොකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
2025 සංස්කරණයේදී සිදුව ඇති බව කියන අක්රමිකතා හේතුවෙන් මිස් ප්රංශ සමාගම 2026 මිස් යුනිවර්ස් තරගාවලියට මෙලෙස සහභාගී නොවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් 2026 මිස් යුනිවර්ස් තරගය සඳහා දින වකවානු තවමත් ප්රකාශයට පත්කර නැහැ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













