කෝටි පනහේ මත්කුඩු ජාවාරමේ SI ඇතුලු දෙදෙනාගේ දුරකථන දත්ත පරීක්ෂාවට

අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙකුත් පුද්ගලයින් දෙදෙනාගේ දුරකථන සංවාද කිහිපයක් පරීක්ෂා කිරීමට අදාළ දත්ත දුරකථන සමාගම්වලින් ලබා ගැනීම සදහා අධිකරණය ඊයේ අවසර ලබාදී තිබෙනවා.

අදාළ පිරිස අත්අඩංගුවට ගැනුණේ රුපියල් කෝටි 53ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කිරීමේදීයි.

එසේම ඔවුන් තිදෙනා ලබන 24වන දා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ අවසර ලබාදුන්නා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී පෙරේදා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සහ අනෙකුත් පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 728ක්.

පොලිස් නිල ඇඳුමින් සැරසී රුපියල් කෝටි 53කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහන කළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තිදෙනා ඊයේ 19 පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේල මෙම මත්කුඩු තොගය විදෙස් රටක
රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවයි.

පොලිස් මූලස්ථාන අපරාධ නිවාරණ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණේ පොලිස් නිලධාරියෙකු ද සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවෙමින් පවතින බවටයි.

ලද තොරතරු මත හබරාදූව, වැලිගම, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල සති 3ක පමණ කාලයක් තිස්සේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියා පෙරේදා ගාල්ල හබරාදූව ප්‍රදේශයෙන් මත්කුඩු තොගය ලබාගෙන ඇති බවට නිරීක්ෂණය කළ විමර්ශන කණ්ඩායම් ඔහු පසුපස දිගටම ලුහුබැඳ ඇත්තේ එම මත්කුඩු බෙදාහරින ආකාරය දැනගැනීම සඳහායි.

ඒ අනුව ගෝනපීනුවල ප්‍රදේශයේදී සැකකරු මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු උත්සාහ කර ඇත්තේ බද්දේගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමටයි.

අදාළ මත්කුඩු තොගය වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට ලබාදීමට සැලසුම් කරතිබූ බව හෙළිකරගත් විමර්ශන නිලධාරීන් ඔවුන් දෙදෙනාද අතුරුගිරිය අධිවේගී පිවිසුම ආසන්නයේදී අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝ 52යි ග්‍රෑම් 728ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත්තා.

සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් අනාවරණ වී තිබෙනවා.

ඔහු මත්කුඩු තොගය ප්‍රවාහනය කර ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටිමින්.

අත්අඩංගුවට පත්වූ අනෙක් සැකකරුවන් අතරින් එක් අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ මේ වන විට විදෙස් රටකට පලාගොස් සිටින පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සලිඳු මල්ෂිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

ඔහු 2015 වසරේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇති අතර ඒවන විට ඔහුගේ වයස අවුරුදු 19ක්.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ මෙම පුද්ගලයා විසින් ඔවුන්ට ඇමතුමක් ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය ජනවාරි 25 වැනිදා පානදුර – කෙසෙල්වත්ත – පල්ලිමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ද මෙහෙයවා ඇත්තේ මෙම පුද්ගලයා විසින් බවටයි තොරතරු වාර්තා වී තිබෙන්නේ

  1. කොහොම්ත් ලන්කාවේ කුඩු ජාවරමට පොලීසියත් , රජයෙ ලොකු බලවතුන්ගෙ සහයත් ලෙබෙනවා; එකයි කොපමන ඇල්ලුවත් එවා සිදුව්න්නෙ , ඔය අල්ලන කුඩු නැවත පිටුපස දොරින් උන්ටම යනවත් ඇති ; වෙන රටවලනම් එවා විනාශ කරනවා බලධාරියකු ඉදිරියෙ . ලන්කාවෙ මොනවා වෙන්වාද කියා දන්නෙ දෙය්යො තමා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48