වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් ඝාතනය කරයි

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබේ.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇළ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී අදාළ සැකකරු විසින් අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන ස්වාමීන් වහන්සේට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබේ.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48