2026 යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය

2026 යල කන්නයේ දී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ ද, එම ප්‍රමාණය හෙක්ටයාර 450,000 – 500,000 ක් පමණ වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බවටයි ගණනය කර ඇත්තේ.

රට තුළ පැවති පොහොර සංචිතවලින් මේ වන විට මෙට්‍රික්ටොන් 48,297.87ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන බෙදා හරිමින් පවතිනවා.

2026 යල කන්නය සඳහා ස්ථාවර මිලකට පොහොර සැපයීම තහවුරු කිරීම සඳහා කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 ක මිලකට ගොවින් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීම සඳහා 2026-04-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2026 යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන ගොවීන් වෙත සැපයීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26