අතහැර දැමූ මල්වාන නිවස සම්බන්ධයෙන් නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාවට අදාළ පාර්ශ්වයන් සඳහා ද ආරාධනා කර තිබෙනවා.
සාකච්ඡාවෙන් පසු වැඩිදුර ක්‍රියාමාර්ග තීරණය කිරීමට අපේක්ෂා කෙරෙනවා.
නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පසුගිය මැයි 14 වන දින මල්වාන නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කඳවුරු බැන්දා.
ඔවුන් ඊයේ (17) සිව්වන දිනටත් එම නිවසේ රැය පහන් කිරීමටයි කටයුතු කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













