නාරම්මල පොලිස් වසමේ වේවැල්ලව, මැටියගනේ ප්‍රදේශයේ දී ඊයේ (15) දින සවස තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක්, දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මරණකාරිය අවුරුදු 64 ක් වූ වේවැල්ලව, මැටියගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
3
+1
1













