බස්රථයකින් ඇදවැටී තරුණයෙක් මරුට

ගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල – උඩුගම මාර්ගයේ මකුළුව හන්දියේ දී උඩුගම බලා ධාවනය වූ බස්රථයක ඉදිරිපස දොරටුවෙන් මගියෙකු ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් පසු තුවාල ලැබූ මගියා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 26ක පුද්ගලයෙක්.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.