එළිමහනට ගිය විට එකවර තවත් 06දෙනකුට බෝ වෙනවා – මාරාන්තික ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න

දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වූ අයකු එළිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් 06දෙනකුට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

තරුණ අයකුට මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට එය නරක් වූ සෙම්ප‍්‍රතිශ්‍යාවක් සේ දිස් වන අතර වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව බලධාරීන් විසින් ජනතාව නිවැරදි ලෙස දැනුවත් නොකළහොත් ඔවුන් එය නොසලකා හැරීමට ඉඩ ඇති බව එංගලන්ත මහාචාරය ටීම් ස්පෙක්ටර් පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ඉන්දියාවේ පැතිර ගොස් ඇති එම වෛරස් ප‍්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය ස්පෙක්ටර් හඳුන්වා දී ඇති උපාංගයක් හරහා ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය පිළිබඳව ලොව පුරා මිලියන 4කට අධික පිරිසකගෙන් රැස් කරගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වූ බව සඳහන් කර සිටිනවා.

මෙතෙක් එම ප‍්‍රභේදයේ දක්නට ලැබුණු ප‍්‍රධානතම රෝග ලක්ෂණයන් වූ උණ, වියළි කැස්ස හා ගඳ /සුවඳ /රස නොදැනීම මේ වන විට ප‍්‍රභේදය ආසාදනය වූ අයකු තුළ අඩුවෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ බවට පත්ව ඇති බවද ඔහු විසින් අවධාරණය කර තිබෙනවා.

මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත්තේ හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම වන අතර, මේවා අතරින් ප‍්‍රධානතම රෝග ලක්ෂණය වී ඇත්තේ හිසරදයයි.

සියලූ දේ එපා වූ ආකාරයක් දිස්වීමේ තත්ත්වයක් ද මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය අතර දක්නට ලැබෙන බවත් මෙම රෝග ලක්ෂණ සුළු වශයෙන් හෝ යමකු තුළ දක්නට ලැබුණහොත් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට එම තැනැත්තා පියවර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51


?