මන්ත්‍රී බදියුදීන්ට සිදුවන්නට යන දේ

පාස්කු ඉරුදින ෂැංග්‍රාලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීතිවිරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ. 

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

ප්‍රශ්නය – රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නවා. දැන් රැඳවුම් නියෝග යටතේ CID භාරෙයේ පසුවෙනවා. දැන් මේ දෙපළ ගේ පරීක්ෂණ අවසන් ද?

“ඉදිරියට තවත් තවත් කී දෙනෙක් අත්අඩංගුවට ගනී ද දන්නේ නෑ. ඒක නොකඩවා යන විමර්ශනයක්. ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහුගේ සම්බන්ධය තියෙන්නේ මෙතෙන ඒක සනාථ කරන්න සිද්ද වෙනවා. ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනා තමයි ෂැංග්‍රිලා එකෙයි තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ, ඒ පුතුන් දෙදෙනාගේ සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාවක් ලබාදුන්නා. ඒ මුදල් තමයි සහරාන් ට බොහෝදුරට ලක්ෂ 300ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ. “

මේ අතර පාස්කු ප්‍රහාරය පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල දී පුද්ගලයින් 724ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් පුද්ගලයින් 227ක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

මේ අතර සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු මි 134ක් පමණ අක්‍රිය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?