මන්ත්‍රී බදියුදීන්ට සිදුවන්නට යන දේ

පාස්කු ඉරුදින ෂැංග්‍රාලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීතිවිරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ. 

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

ප්‍රශ්නය – රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නවා. දැන් රැඳවුම් නියෝග යටතේ CID භාරෙයේ පසුවෙනවා. දැන් මේ දෙපළ ගේ පරීක්ෂණ අවසන් ද?

“ඉදිරියට තවත් තවත් කී දෙනෙක් අත්අඩංගුවට ගනී ද දන්නේ නෑ. ඒක නොකඩවා යන විමර්ශනයක්. ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහුගේ සම්බන්ධය තියෙන්නේ මෙතෙන ඒක සනාථ කරන්න සිද්ද වෙනවා. ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනා තමයි ෂැංග්‍රිලා එකෙයි තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ, ඒ පුතුන් දෙදෙනාගේ සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාවක් ලබාදුන්නා. ඒ මුදල් තමයි සහරාන් ට බොහෝදුරට ලක්ෂ 300ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ. “

මේ අතර පාස්කු ප්‍රහාරය පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල දී පුද්ගලයින් 724ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් පුද්ගලයින් 227ක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

මේ අතර සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු මි 134ක් පමණ අක්‍රිය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15