AFC Banner
Empty Ad
Empty Ad

ඩෙල්ටා ප්‍රභේදය ගැන හදිසි සාකච්ඡාවක් – තීරණ 3ක් ගනී

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අද (18) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් -19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී එම වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව,
*එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදුකිරීමටත්,

*ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු පුද්ගලයින් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්,

*දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය කර තිබේ.

එම පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය සියලුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

hi
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?