කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රිය හෙට (11) සිට නැවත ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් යාල්දේවි දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණයි.














heta sita heta sita heta sita heta sita…. anantha varayak navatha patan ganna lokaye ekama dumiya saha heta sita paththara karayo