ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක මිය ගොස් සිටිය දී අද (08) සොයාගෙන තිබෙනවා.
කොල්ලුපිටිය, අංක 37, පේදිරිස් පෙදෙසේ පිහිටි නිවසක දොරේ එල්ලී තිබිය දී මෙම මෘත ශරීරය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසුවේ.
ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
4
+1
9
+1
2
+1
2













