භයානක ළමා රෝගයක් හිස ඔසවයි – හේතුව පණුවෙක්

මේ දිනවල මෙරට දරුවන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව වෛද්‍ය අංශ අනාවරණය කරනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ටෙක්සොකාරා නමින් හඳුන්වන මෙම රෝගී තත්වය පණු රෝගයක් බවයි.

එය මේදින වල දරුවන් අතර සුලභව පැතිර යන බව ද ඔහු පවසා සිටියා.

මෙහි දී දරුවන්ගේ සම මත පණුගෙඩි ලෙස ඇතිවන අතර, ඇතැම්විට ඒවා ඇස්, මොළය සහ පෙණහළුවලට ද ඇතුළු විය හැකි බව යි වාර්තා වන්නේ.

එලෙස සිදු වුවහොත් ඒ හරහා බරපතල සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවා. 

එමෙන්ම මෙම පණු රෝගය සුනඛයින් සහ බළලුන්ගෙන් බෝවිය හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් දරුවන් නිවෙස්වලටම වී සිටීම හරහා, ඔවුන් සුරතල් සතුන් සමග වැඩි වැඩියෙන් කාලය ගත කිරීම, මෙම රෝගය හදිසියේ හිස එසවීමට එක් හේතුවක් විය හැකි බවට වෛද්‍යවරු සැක පළ කරනවා.

ඒ හේතුවෙන් සුරතල් සතුන් සමග ගැවසීමේ දී සැළකිලිමත් විය යුතු බවටත්, සතුන් අතපත ගෑමෙන් අනතුරුව නිසි පරිදි පිරිසිදු වීම වැදගත් බවටත් සෞඛ්‍ය අංශ පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03