AFC Banner
Empty Ad
Empty Ad

භයානක ළමා රෝගයක් හිස ඔසවයි – හේතුව පණුවෙක්

මේ දිනවල මෙරට දරුවන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව වෛද්‍ය අංශ අනාවරණය කරනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ටෙක්සොකාරා නමින් හඳුන්වන මෙම රෝගී තත්වය පණු රෝගයක් බවයි.

එය මේදින වල දරුවන් අතර සුලභව පැතිර යන බව ද ඔහු පවසා සිටියා.

මෙහි දී දරුවන්ගේ සම මත පණුගෙඩි ලෙස ඇතිවන අතර, ඇතැම්විට ඒවා ඇස්, මොළය සහ පෙණහළුවලට ද ඇතුළු විය හැකි බව යි වාර්තා වන්නේ.

එලෙස සිදු වුවහොත් ඒ හරහා බරපතල සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවා. 

එමෙන්ම මෙම පණු රෝගය සුනඛයින් සහ බළලුන්ගෙන් බෝවිය හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් දරුවන් නිවෙස්වලටම වී සිටීම හරහා, ඔවුන් සුරතල් සතුන් සමග වැඩි වැඩියෙන් කාලය ගත කිරීම, මෙම රෝගය හදිසියේ හිස එසවීමට එක් හේතුවක් විය හැකි බවට වෛද්‍යවරු සැක පළ කරනවා.

ඒ හේතුවෙන් සුරතල් සතුන් සමග ගැවසීමේ දී සැළකිලිමත් විය යුතු බවටත්, සතුන් අතපත ගෑමෙන් අනතුරුව නිසි පරිදි පිරිසිදු වීම වැදගත් බවටත් සෞඛ්‍ය අංශ පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?