උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ටත් කොරෝනා

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කරන්නේ තම මවට නිතර සිහිසුන් වීම හේතුවෙන් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි.

පරීක්‍ෂණ අනුව ඇය කොරෝනා ආසාදිත බව අනාවරණය කර ගෙක තිබෙන බවයි උන්වහන්සේ සඳහන් කර තිබුණේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

තෙරුවන් සරණයි !

මේ වන විට අම්මා නිතර සිහිසුන් වීම හේතුකොටගෙන නවලෝක රෝහලට කතා කර ගිලන් රථයක් මගින් රෝහලට රැගෙන එන ලද අතර අම්මාගේ PCR පරීක්ෂණය පොසිටිව් වී තිබේ. ඒ අනුව අම්මා ICU හි ප්‍රතිකාර සඳහා යොදවා තිබේ. ඇය වෙනුවෙන් සිදු කිරීමට හැකි සියලු උපස්ථාන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කරමි.

අම්මා රෝහලට රැගෙන ඒම පිළිබඳ අම්මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණ ද අන්තිම මොහොතේ අම්මා පැවසූයේ ශරීරයට බොහෝ අපහසු බවත් යම් රෝගී තත්ත්වයක් පවතින බවත්ය.තව ද ඇය නිරතුරුව ප්‍රකාශ කර සිටියේ හාමුදුරුවන්ගේ වාහනයෙන් ඇවිදින්නට යාම එකම බලාපොරොත්තුව බවත්ය. එවැනි අහිංසක බලාපොරොත්තුවකින් සිටි ඇයව සුවපත් කිරිමට වෙහෙස වන මහාචාර්ය අර්ජුන සිල්වා දොස්තර මහතා ඇතුලු නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයට මම හදවතින්ම ණය ගැති වෙමි.

මේ සියලු අවිවේකීතා මධ්‍යයේ ලබාගත් මනුෂ්‍යත්වය , මහණකම , ධර්මය පිළිබඳ මා හට ඇත්තේ අසීමිත ප්‍රීතියකි.

මේ කාලය තුළ ඉහත කී සියල්ලටම වඩා අපහසුම කාර්‍ය වී තිබෙන්නේ දුරකථන ඇමතුම් ගලා ඒමයි. මාගේ වටිනා කාලය ඕපාදුප බෙදා දීමට මට කිසිදු කැමැත්තක් නොමැත. තොරතුරු විමසන්නටයි කියා ඕපාදූප ඇසීමෙන් කීමෙන් කිසිදු ඵලක් නොමැත. එකම දේ සිය දහස් වරක් පැවසීමට යාමෙන් මමත් මල්ලී සහ නෑනා ද හෙම්බත් වී ඇත.

යකඩ ගැහැණියක් ලෙස අම්මා ජීවත් කරවීමට මහත් ශක්තියක් මෙන්ම පොඩි දරුවන් දෙදෙනකුගේ මවක් ලෙසද, මල්ලීගේ ස්වාමිදියණිය ලෙසද ගෙදර ගෘහනිය ලෙසද නෑනා කරන්නා වූ කැප කිරීම සුලුපටු නොවන බව මට නිතර සිහිපත් වේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම පිලිබදවද මා හට ඇත්තේ තවත් කුතුහලයකි. කෙසේ වුවද අම්මාව දැඩි සත්කාර ඒකකයෙන් එලියට ගන්නාවිට නෑනා හෝ මල්ලී අම්මා ලග සිටිය යුතුය… එවැනි පුංචි බලාපොරොත්තුවක් සමග ඉදිරියට පියමනිමි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44