​අග්‍රාමාත්‍යවරිය සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර හමුවක්

​ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, විශ්‍රාමික මේජර් ජෙනරාල් නයියර් නසීර් ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව පාකිස්ථාන රජය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය මෙහිදී කෘතඥතාව පළ කළා.

​ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලීන සහ සුහද සබඳතා පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී සිහිපත් කර සිටියා.

එමෙන්ම අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කිරීමත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කිරීමත් මෙන්ම සහයෝගීතාව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම ද මෙහි මූලික අරමුණ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19
Video thumbnail
කොට්ටච්චි කළුතර රැළිය දෙවනත් කරයි..පාලක පන්තිය, වැඩ කරන ජනතාව කියලා දෙකක් නෑ
07:58
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අනුර ඇවිල්ලා දාපු සුපිරි ඩාන්ස් එක
07:45
Video thumbnail
නුවරඑළියට ගිය ජනපතිට මුජිබුර් රිදෙන්නම දෙයි
06:44
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46