තුවක්කුවෙන් සෙල්ලම් දැමූ මන්ත්‍රී අර්ච්චුනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදා හැර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (29) දිනයේ දී මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණා.

පසුගිය 25 වැනිදා ඉඩමක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන්න් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.