ඉන්දියාවේ දී ලාංකිකයෙක්ට එල්ල වූ ප්‍රහාරය, ධීවර ඇමති හෙළා දකී

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

මෙය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවයට හා විශ්වාසයට ඉන් දැඩි බලපෑමක් එල්ල වන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ඕනෑම රටක මූලික වගකීමක් වන්නේ මහජනතාවගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම අමානුෂික ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, ඉන්දීය ධීවරයින් දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වුවද, ශ්‍රී ලාංකික ධීවරයින් බොහෝ අවස්ථාවලදී ඔවුන් දෙස සහෝදරත්වයේ හැඟීමකින් බලා සාමකාමීව කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයන්ගේ අක්‍රමවත් ධීවර පිළිවෙත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් කොල්ලකෑමට ලක්ව ඇති බවත්, එමගින් මෙරට සමුද්‍ර පරිසරයට සහ දේශීය ධීවරයාගේ ජීවනෝපායට බරපතල හානි සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය උසස් නිලධාරීන් සහ ධීවර බලධාරීන් සමඟ මට්ටම් කිහිපයකින් සාකච්ඡා පවත්වා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා දෙරට අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් සහ ශක්තිමත් සහයෝගීතාවයක අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන බව සහතික කළ යුතු බවත්, දෙරට අතර පවතින සියලු ගැටලු සාමකාමී සාකච්ඡා සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගැනීම රජයේ ස්ථාවරය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38