ඒකා මහ තිරිසනෙක් අම්මේ… එකට හිටිය දවස් තුනෙන් ඒක තේරුණා

පුංචි සෙව්වන්දිට අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු තිබුණා. ඉගෙනීමේ කටයුතුවලට උපන් හපන්කමක් දැක්වූ සෙව්වන්දි පාසලෙත් බොහොම ජනප්‍රිය ශිෂ්‍යාවක් වූවාය.

 සෙව්වන්දි පදිංචිවෙලා හිටියෙ මොනරාගල පැත්තෙ බොහොම දුෂ්කර ගමක. දොළොස් හැවිරිදි වියේ පසුවූ සෙව්වන්දි අධ්‍යාපනය ලැබුවෙ මේ ප්‍රදේශයේම ජනප්‍රිය පාසලක. ඉගෙනීමට දැක්වූ හපන්කම් දිහා බලලා සෙව්වන්දිගෙ මව්පියොත් ගොඩක් සතුටු වුණා.

සෙව්වන්දිගෙ පවුලෙ හැමෝම රූපවාහිනියට ඇබ්බැහිවෙලා හිටිය පිරිසක්. උදේ ඉඳලා ? බෝ වෙනකල් රූපවාහිනි චැනල්වල යන කමකට නැති හැම ටෙලි නාට්‍යයක්ම බලන්න සෙව්වන්දිගෙ වැඩිහිටියො පුරුදුවෙලා හිටියා.

වැඩිහිටියන්ගෙ අඩිපාරේ ගිය පුංචි සෙව්වන්දිත් රූපවාහිනි චැනල්වල යන කසිකබල් නාට්‍ය හැම එකක්ම බලන්න පටන් ගත්තා. බහුතරයක් නාට්‍යවල තිබුණේ ප්‍රේම සම්බන්ධතා, පවුල් ආරවුල් අනියම් සම්බන්ධතා වටා ගොතුණු කතාවල්.

 පුංචි කාලෙ ඉඳලා මේ නාට්‍ය නරඹන්න පුරුදු වෙලා හිටිය සෙව්වන්දි යන්තම් වැඩිවියට ආවට පස්සේ ඒවා අත්හදා බලන්න උත්සාහ කළා.

 පුංචි හිතට ප්‍රේමය ගැන හැඟීම් මෝදු වෙන්න ගත්තා. රූපවාහිනියෙ විකාශය වූ ප්‍රේමනීය ජවනිකා ඇතුළත් නාට්‍ය ඒ හැඟීම් අවදි කරන්න අත්වැල් සැපයූවා.

 ඇටෙන් පොත්තෙන් එළියට එන්න ඉස්සර පුංචි සෙව්වන්දි ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගත්තා.

 මහේෂ්, මොනරාගල පැත්තේ පදිංචි තරුණයෙක්. උසස් පෙළ විභාගයට පෙනී හිටල රැකියාවක් අපේක්‍ෂාවෙන් හිටිය මහේෂ් පුංචි සෙව්වන්දිට ආදරේ කරන්න පටන් ගත්තා. දොළොස් හැවිරිදි වියේ හිටියත් සෙව්වන්දිගේ අඟපසඟ අවුරුදු 17 – 18 ක යෞවනියකගෙ වගේ වුණා.

 අනේ මහේෂ් අයියේ, මම ඔයාට පුදුම ආදරයක් තියෙන්නේ. අපි අර ටෙලි නාට්‍යයේ වගේ කොහේ හරි පළාතකට ගිහින් ජිවත් වෙමු. මට දැන් ඔයා නැතිව ඉන්න බැහැ වගේ.

 මහේෂ්ගෙ ආදරය හමුවේ කුල්මත් වෙලා හිටිය සෙව්වන්දි ඒ වෙනකොට අධ්‍යාපන කටයුතුත් අවුල් කරගෙන හිටියේ.

 සෙව්වන්දිට මහේෂ් මුණගැහුනෙ අමතර පංතිවලට සහභාගි වෙන්න යන අතරෙදියි. මේ සම්බන්ධය දලූලා වැඩෙන්න ගත්තට පස්සේ සෙව්වන්දි අමතර පංතිවලට සහභාගි වුණේ බොහොම අඩුවෙනුයි.

 අමතර පංතිවලට යනවා කියල එයා කළේ මහේෂ් එක්ක කොහෙ හරි රෝන්දෙ ගහන්න ගිය එක.

 මට නම් නම් දැන් ඉගෙන ගන්න එක තිත්ත වෙලා. ඔයා ළඟමට වෙලා ඉන්න තියෙනවා නම් මට ඒ ඇති. අපි දෙන්න කසාද බඳිමු මහේෂ් අයියේ මට ඔයා නැතිව බැහැ.

 වෛද්‍යවරියක් වීමට හීන මැව්ව පුංචි සෙව්වන්දි ඒ හැම එකක්ම අමතක කරල දාල මහේෂ් එක්ක දිගකන්න ප්ලැන් කළා.

 සෙව්වන්දිගෙන් බේරෙන්න බැරි තැන මහේෂ් එයාගෙ යෝජනාවට එකඟ වුණා. මුළු ලෝකෙටම හොරෙන් සෙව්වන්දි මහේෂ් එක්ක පැනල ගියා. සෙව්වන්දි කොල්ලෙක් එක්ක පැනල ගිය බව දැනගත්ත වෙලේ ඇයගෙ වැඩිහිටියො වැළපෙන්න ගත්තා. පුංචි සෙව්වන්දි කවද හරි වෛද්‍යවරියක් වෙයි කියල එයාගෙ වැඩිහිටියො ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ. ඒත් ඒ හැම දෙයක්ම ඒ වෙනකොට සුනු විසුනුවෙලා ගිහින් තිබුණා.

 සෙව්වන්දිගෙ වැඩිහිටියො රට පීරමින් ඇයව සොයන්න ගත්තා. දවස් තුන හතරකට පස්සේ වැඩිහිටියන්ට සෙව්වන්දිව හොයාගන්න හැකි වුණා.

 යෞවනියක් විදිහට ගෙදරින් පිටවෙලා ගිය සෙව්වන්දි ඒ වෙනකොට ගැහැනියක් වෙලා හිටියා.

 ‘‘අනේ අම්මේ, මං කළේ මහා වැරැද්දක්. අම්මලාට පිටුපාලා මං කරපු වැරැද්ද කවදාවත් නිවැරදි කරගන්න බැහැ. මහේෂ් කියන්නෙ හොඳ කෙනෙක් නෙවෙයි. එයා එක්ක හිටිය දවස් දෙක තුනට මං ඒ හැම දෙයක්ම දැක්කා. එයා කුඩුකාරයෙක්. තිරිසනෙක් වගේ එයා හැසිරෙන්නෙ.’’

 පුංචි සෙව්වන්දි අම්මට තුරුලූවෙලා වැලහින්නක් වගේ අඬන්න ගත්තා. සෙව්වන්දිගෙයි මහේෂ්ගෙයි වැඩිහිටියො එකතුවෙලා ඒ දෙන්නව කසාද බන්දලා දෙන්න සැලසුම් කළා. ඒත් සෙව්වන්දි ඒ වෙනකොට හිටියෙ දොළොස් හැවිරිදි වියේ. මේ දෙන්න විවාහ කර දෙන්න නීතිමය ගැටලූවක් මතුවුණා.

 ගෙදරට ආව සෙව්වන්දි දින ගණනක් යනතුරු කාමරේට වෙලා කල්පනා කරන්න ගත්තා. පාසල් පොත්පත් දකිද්දී සෙව්වන්දිගෙ පපුව හෝස්ගාලා ගියා.

‘‘අනේ අම්මේ මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනෙ. මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ. මාව කොහොම හරි ඉස්කෝලෙ යවන්න.’’ පුංචි සෙව්වන්දි අම්මව වැළඳගෙන අඬන්න ගත්තා. ඒත් ඒ වෙනකොට හැම දේකටම ප්‍රමාද වැඩියි. තරුණයෙක් එක්ක පැනල ගිහින් දින තුන හතරක් ගතකරපු වරදට සෙව්වන්දිව පාසලෙන් නෙරපලා තිබුණා.

 කසිකබල් ටෙලි නාට්‍ය බලල නරක දේවල් පූර්වාදර්ශයක් කරගත්ත සෙව්වන්දිට සිද්ධ වුණේ අනාගත හීන හැම එකක්ම බොඳ කරගෙන ජීවිත කාලෙම සුසුම් හෙළන්න.

 දිවයින පුවත්පත වෙනුවෙන් රණදේව සැපයු සටහනකි… 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09