දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල්වලට අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතියට අනුමැතිය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් විපතට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම්, ඥාති නිවාසවල ජීවත්වන පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දිට්වා සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පූර්ණ නිවාස හානි 6,088ක් සහ අර්ධ නිවාස හානි 115,179ක් වාර්තා වුණා.

මෙම පවුල් අතරින් 2026-04-22 වන විට පවුල් 494ක් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක පවතින සුරක්ෂිත මධ්‍යස්ථාන 20ක් තුළ රැඳී සිටින අතර, තවත් පවුල් සංඛ්‍යාවක් කූඩාරම්වල සහ ඥාති නිවාසවල රැඳී සිටිනවා .

එමෙන්ම, නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති පවුල් වෙත නව නිවසක් ඉදිකර ගන්නා තෙක් කුලී නිවසක පදිංචි වීම සඳහා රුපියල් 25,000ක මාසික කුලී දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇති නමුත්, එම ප්‍රදේශවලින් කුලී නිවාස සපයා ගැනීම ගැටලුවක් බවට පත්වී ඇති බව ද නිරීක්ෂණය වී ඇති බව රජය දැනුම් දෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නිවාස සැලැස්ම අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය යොදාගනිමින් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් නිවාස හානි වීම හේතුවෙන් කෑගල්ල, මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් හා ඥාති නිවාසවල පදිංචිව සිටින පවුල් 1,000ක් සඳහා ස්ථිර නිවාස ඉදිකර පදිංචි වන තෙක් අන්තර්කාලීන නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25