තාත්තලාට බොන්න දී දියණියන්ට කළ අපරාධය

එකම පන්තියේ දැරියන්ට වූ අපරාධය

පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක් වූ සිසුවියන් දෙදෙනෙකු රවටාගෙන රැගෙන ගිය සිදුවීමකට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ලග්ගල පොලීසිය පවසනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට උදව් කළ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා හට මෙම සිදුවීම සම්බන්ධයෙන් ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ ගම්මානයකින් හදිසි ඇමතුමක් පැමිණ තිබෙනවා.

අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය සඳහා භාර දී ඇත්තේ ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රණවීර වෙතට යි.

ඒ අනුව සිදුකළ විමර්ශනයක දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පැවසෙනවා.

තාත්තලාට බොන්න දී දුවලාට ලංවෙලා

අදාළ සිසුවියන් දෙදෙනා පදිංචි ගම්මානයට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට තරුණයින් පිරිසක් පැමිණ තිබෙන අතර ඔවුන් මෙලෙස පැමිණ ඇත්තේ දහයියා එකතු කිරීමට යි.

මෙම තරුණයින් අදාළ සිසුවියන්ගේ පියවරුන්ට නිතර මත්පැන් ලබා දී සාද පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරතුර පාසල් සිසුවියන් දෙදෙනා වෙත ලංවී ඇති තරුණයින් ඔවුන් සමග ප්‍රේම සබඳතා ගොඩනගාගෙන ඇති බව සඳහන්.

රෑ ඇවිත් රැගෙන ගිහින්

සිසුවියන් දෙදෙනා ද මෙම තරුණයින් සමග පෙමින් වෙළී ඇති බවත් ඒ අනුව පසුගිය 12 වැනි දා රාත්‍රියේ වාහනයක් රැගෙන විත් සිසුවියන් දෙදෙනාව එයට නංවාගෙන සූක්ෂම ලෙස මෙම සිසුවියන් දෙදෙනාව රැගෙන ගොස් ඇති බවත් අනාවරණය කරගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකතන දත්ත පවා පරීක්ෂා කළ ලග්ගල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම සූක්ෂම ලෙස මෙම සිසුවියන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ලැබුණු තොරතුරු අනුව එක් පොලිස් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර තවත් කණ්ඩායමක් තරුණයින් පදිංචි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් තිබෙනවා.

අදාල තරුණයින්ගේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි ඥාති පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් බදුල්ලට නොපැමිණි බව යි.

එහෙත් දෙයිඅත්තකණ්ඩියට ගිය පොලිස් කණ්ඩායමට තරුණයින්ගේ ඥාතීන් පවසා ඇත්තේ ඔවුන් බදුල්ල ප්‍රදේශයේ ඥාති නිවසේ සිටින බවයි.

සිසුවියන් සොයා ගනී

කෙසේ වෙතත් මේ පිළිබඳ සූක්ෂම ලෙස විමර්ශනය කළ පොලීසිය අවසානයේ දී දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ නිවෙස් දෙකක රඳවාගෙන සිටි සිසුවියන් දෙදෙනා සොයා ගැනීමට සමත් වූ බව වාර්තා වෙනවා.

මේ සඳහා පැය 24කටත් වඩා අඩු කාලයක් ගත වීම විශේෂයි.

සිසුවියන් දෙදෙනා රැගෙන ආ තරුණයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 23 සහ 22 වයස්වල පසුවන්නන්.

“අනේ අපි රැවටුණා”

එමෙන්ම ඔවුන් දෙදෙනාම විවාහක බවත්, එක් අයෙකු මේවන විටත් විවාහ දෙකක් සිදුකරගෙන ඇති බවත්, තරුණයින් දෙදෙනාටම දරුවන් ද සිටින බවත් අනාවරණය වී තිබෙනවා.

සිසුවියන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ තරුණයින් විවාහක බව තමන් නොදත් බවයි.

ඒ අනුව මොවුන් අවිවාහකයින් බව සිතා ඔවුන් සමග පෙමින් වෙලී මෙම ගමන පැමිණි බව සිසුවියන් පවසා තිබෙනවා.

උදව් කළ අයත් දැළේ

මේ අතර මෙම සිසුවියන්ට නවාතැන් දුන් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇති බව වාර්තා වූවා.

එමෙන්ම සිසුවියන් දෙදෙනා ලග්ගල සිට දෙහිඅත්තකණ්ඩියට රැගෙන යාම සඳහා උදව් කළ තවත් තරුණයන් දෙදෙනකු ද  අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස ලග්ගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31