ව්‍යාජ මුදල් නෝට්ටු හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ හයදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02ක්, ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත රත්මලාන හා ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී ඊයේ (25) සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 25, 29, 30, 32, 35 හා 52 වයස්වල පසුවන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !