AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත් සොරකම් කරලා – පොලිසියෙන් විමර්ශන

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් හබරාදූව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකු සිද්ධියට වගකිව යුතු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?