විදෙස් රටක ණය ගෙවීමකට අදාළව හැකවරුන් විසින් සොරාගත් බව කියන මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල නැවත පියවා ගැනීමට නම් ඉන්ධන මිල වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම හෝ වෙනත් බදු වැඩි කිරීමක් කරා යොමු වීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ (25) අද පෙරවරුවේ කිරිඳිවල ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින්.
එසේ නොමැති නම් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 දෙනාගේ වැටුප් පැලවත්ත පක්ෂ කාර්යාලයේ අරමුදලට බැර නොකර, එය මහා භාණ්ඩාගාරය වෙත ලබා දී අදාළ මුදල පියවා ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
2
+1
+1
2













