බස් ටිකට් එකට වැඩිපුර සල්ලි ගන්නවා නම් 119 අමතන්න – පොලිසිය

පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට මහජන පැමිණිළි ලැබී ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරීන් එක්ව සිදු කරන ලද බස් රථ පරීක්ෂාවේදී එලෙස මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බවට ද අනාවරණය වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

යම් මගී ප්‍රවාහන බස් රථයක මගියෙකුගෙන් නියමිත ගාස්තු ඉක්මවා වැඩිපුර ගාස්තු අය කරන බවට ලිඛිත හෝ වාචික පැමිණිල්ලක් ලැබුණ හොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මෝටර් වාහන පනත හා දණ්ඩ නීති සංග්‍රහය මඟින් ප්‍රතිපාදන සලසා ඇති අතර මෝටර් වාහන පනතේ 173 වගන්තිය අනුව, “ යම් බස් රථයක අයිතිකරු, රියැදුරු හෝ කොන්දොස්තර විසින් යම් ගමන් මාර්ගයක හෝ මහා මාර්ගයක යම් ගමනක් සම්බන්ධයෙන් යම් බස් රථයක් පාවිච්චි කරනු ලබන්නේ බස් රථ ධාවන අවසර පත්‍රයක බලය යටතේද, ඒ බස් රථ ධාවන අවසර පත්‍රයේ යම් තත්ත්වයක් නිසා ඒ ගමන් මාර්ගය හෝ මහා මාර්ගය සම්බන්ධයෙන් බලය දෙනු ලැබූ ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් යම් මගියෙකුගෙන් ඉල්ලීම හෝ භාර ගැනීම නොකල යුතුය” යනුවෙන් සඳහන් වන බව පොලිසිය එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එවැනි වැරදි කරන තැනැත්තන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 372 – බලෙන් ලබා ගැනීම, 398 – වංචා කිරීම, 386 – සාපරාධී සාවද්‍ය පරිහරණය යන වගන්ති ප්‍රකාරවද ශ්‍රී ලංකා පොලිසිය ඉදිරි නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු බවත් පොලිසිය පවසනවා.

එබැවින් මගී ප්‍රවාහන බස් රථ වල ගමන් කිරීමේදී නියමිත ප්‍රවාහන ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් නොගෙවන ලෙසත්, එවැනි බස් රථ සම්බන්ධයෙන් පැමිණිළි වෙතොත් වහාම 118, 119 යන දුරකථන අංක ඔස්සේ හෝ පොලිසියට ලිඛිතව හෝ වාචිකව පැමිණිළි ඉදිරිපත් කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20