හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට දැඩි කොන්දේසි මත ඇප

නුවරඑළිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (22) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැර  තිබෙනවා.

මෙහිදී රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් ඔහුට නියම කෙරුණා.

ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ විසින් පනවනු ලැබුවා.

ඇප නියමකරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, පැමිණිලිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එසේ නොවුන හොත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවන බවයි.

ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (21) දිනයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ, තවත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක දී සිය ගිනිඅවිය පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ, අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර, සතුව තිබූ ගිනි අවියට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තබූ බලපත්‍රය කල් ඉකුත් වී තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32