පාසල් විවෘත කිරීම ගැන ඉඟියක්

පාසල් අරින්නැයි ඉල්ලනවාලු

පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

විශේෂයෙන් කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට එලෙස ඉල්ලීම් ලැබෙන බව ඔහු පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය අංශයේ නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

පාසල් යළි විවෘත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

ගුරු එන්නත්

කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව බව මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට කොවිඩ් මර්ධන එන්නත් ලබාදිය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

හැම පාසලම ආරක්ෂිතද?

පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළත්, කොවිඩ් තර්ජන මධ්‍යයේ පාසල් විවෘත කළ පසුගිය අවස්ථාවල දී සෑම පාසලකටම එක සේ සෞඛ්‍ය පහසුකම් නොලැබුණු බව පෙනෙන්නට තිබුණා.

විශේෂයෙන් අගනුවරින් දුරබැහැර ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල සෞඛ්‍ය පහසුකම් සැකසීම පිණිස භෞතික හෝ මුදල් නොලැබුණු අවස්ථා ද රැසක් වාර්තා වූවා.

ඇතැම් පාසල්වල බීමට ජලය පවා නොමැති තත්ත්වයක් පවතින අතර එවැනි ස්ථානවල අත් සේදීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට පහසුකම් සැලසුණේ නැහැ.

එවැනි පසුබිමක් තුළ පාසල් නැවත විවෘත කිරීමේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්, අගනුවර සහ ප්‍රධාන නගරවල ඇති පාසල්වල ක්‍රියාත්මක කෙරුණ ද, ඒවා ග්‍රාමීය ප්‍රදේශවල ඇති පාසල්වලත් ක්‍රියාත්මක වේ දැයි ගැටලු මතුවනවා.

ගුරු දැනුමේ තරම

පහසුකම් බෙදීයාමේ විෂමතාව පමණක් නොව, මෙම වසංගත තත්ත්වය පිළිබඳව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිබඳව නිවැරදි දැනුමක් විදුහල්පතිවරු හට සහ ගුරුවරුන් හට නොමැති වීම ද ගැටළුවක් ලෙස දැක්විය හැකියි.

මෙම කරුණ ද විශේෂයෙන් ග්‍රාමීය පෙදෙස්වල පිහිටි පාසල්වලට බලපාන බව ද නිරීක්ෂණයවනවා.

එම නිසා මෙරට සීමිත මානව සම්පතක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් පාසල්වලට යවා සුළු උපදෙස් ලබා දෙනු වෙනුවට, වසංගත තත්ත්වයේ භයානක බව, එය පැතිරයන ආකාරය සහ පැතිර යාම වැළැක්විය හැකි ආකාරය පිළිබඳව සත්‍ය තොරතුරු නිසි පරිදි විදුහල්පතිවරු සහ ගුරුවරු වෙත ලබා දීමේ වැඩසටහනක අවශ්‍යතාව ද දැඩිව මතුවී තිබෙනවා.

පාසල් විවෘත කරන්න තරම් රට ආරක්ෂිතද?

රට කිසි ලෙසකින් ආරක්ෂිත තත්ත්වයකට පත්ව නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බවයි.

එබැවින් තවත් කොවිඩ් රැල්ලක් පැමිණියහොත් එයට මුහුණ දීමට මෙරටට නොහැකිවනු ඇති බව ද එම සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මෙම තත්ත්වය මත සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

තත්ත්වය භයානකයි!

වර්තමානයේ පවතින තත්ත්වයක් මත යළි රට විවෘත කළ හොත් ඉතා වේගයෙන් රෝගය පැතිරීමේ හැකියාව පවතින බවයි ඇය සඳහන් කරන්නේ.

තවත් කොවිඩ් රැල්ලක් මේ මොහොතේ දී පැමිණීමේ ඉඩ ඇති බවත් එලෙස වුවහොත් තත්ත්වය බරපතල විය හැකි බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරනවා.

එමෙන්ම සිදුවූ මරණ දෙස බැලීමේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණවලින් තුනෙන් එකක ප්‍රමාණය සිදුව ඇත්තේ පසුගිය සති දෙක තුළ බව පෙනී යනවා.

මෙවන් තත්ත්වයක් මත, සෞඛ්‍ය විශේෂඥයන් ද මෙවැනි කරුණු ගෙනහැරපාන පසුබිමක් තුළ කුමන ආරක්ෂිත ක්‍රමවේද යටතේ හෝ පාසල් යළි විවෘත කිරීම සුදුසු ද යන්න පිළිබඳව මතුවන්නේ ගැටළුවක්.

කුඩා දරුවන් එන්නත්කරණයට තවමත් ලොව බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාව ද යොමු නොවී තිබෙන වාතාවරණයක දී පාසල් යළි විවෘත කළ හොත් මෙරට දරුවන් පත්වන්නේ දැඩි අවදානමකට නොවේ ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27