Update – හෝමාගම පෞද්ගලික සරසවියේ සිසුවාගේ ඝාතනයට සිසුන් 05 දෙනෙක් අත්අඩංගුවට

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හෝටලයක් තුළ දී පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙක්.

එම සැකකරුවන් පස්දෙනා වයස අවුරුදු 21-25ත් අතර වයස්වල පසුවන සිසුන් බවයි හෝමාගම පොලිසිය පැවසුවේ.

ඊයේ (09) රාත්‍රී හෝමාගම පොලිස් වසමේ මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක අදාළ විශ්වවිද්‍යාලයේ සිසුන් පිටිසක් මත්පැන් සාදයක් පවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී සාදයක් අතරතුර දී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ සිසුවා වයස අවුරුදු 19ක නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා අද (10) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
1
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37