සන්රයිසස් හයිද්‍රාබාද් කඳවුරෙන් ඉවත්ව පැට් කමින්ස් යළි ඕස්ට්‍රේලියාවට ගිහින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන පැට් කමින්ස් හයිද්‍රාබාද් කඳවුරෙන් ඉවත් වී යළි ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පිටේ ආබාධය හේතුවෙන් අවසන් ස්කෑන් පරීක්ෂණයකට භාජනයවීම සඳහන් කමින්ස් යළි ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පැට් කමින්ස්ගේ ස්කෑන් පරීක්ෂණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධීක්ෂණය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති ක්‍රියා පටිපාටියක් බවයි වාර්තා වන්නේ.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර බ්‍රහස්පතින්දා කොල්කටාහි දී පැවති තරඟයෙන් පසුව කමින්ස් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හි අවසරය ලබාගැනීමෙන අනතුරුව පැට් කමින්ස් ලබන 17 වනදා යළි හයිද්‍රාබාද් සංචිතය සමඟ එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ හයිද්‍රාබාද් කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකේ දී පැට් කමින්ස් ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය අද (05) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18