මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වනවාද ? ඇමති මහින්දානන්ද කට අරී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සිදුනොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ වාහන ආනයනය කිරීමේ යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බවය. 

ඒ අනුව කිසිදු වාහනයක් ආනයනය කිරීමට පියවර නොගන්නා බව ඊයේ ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වු 360 වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

“මේ වාහන ගැන සියලු දෙනාගේම තීරණය වුණේ මේ මොහොතේ වාහන ගෙන්විය යුතු නෑ කියන එක. වාහන ගෙන්වන තීන්දුව ගත්තේ කථානායකතුමා විසින්, මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්න ඕනේ. එල් සී විවෘත කරලා තියෙන්නේ ගිලන් රථ සඳහායි.”

මේ අතර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ මෙවන් අදහසකි.

“ඇමතිවරයෙකු වශයෙන් මට වාහන 3ක අයිතිය තියෙනවා. එක වාහනයක් මගේ. අනෙත් 2ක පෞද්ගලික. මොකද දීලා තියෙන වාහන 2ම කැඩිලා. දෙකම ගරාජ් එකේ. ඒක තමයි යථාර්තය. අද ගිහින් බලන්න ඇමතිවරුන්ගේ තත්ත්වය කොහොමද කියලා. දුවන වාහන මොනාද කියලා බලන්න. ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරු ගාව නෑ. ඇමතිවරයාට හැම තිස්සෙම ලැබෙන්නේ හිටපු ඇමතිවරයාගේ වාහනය නෙමෙයි. ඊට කලින් හිටපු ඇමතිවරයාගේ වාහනය. මොකද කලින් ඇමතිවරයාගේ වාහනය තමුන් එන්න කලින් කවුරුහරි නිලධාරියෙක් අරගෙන. ඔය කරුණ ගැන මම කතා කරන්න කැමතිත් නෑ. මොකද වාහන බලාපොරොත්තුවෙන් මම බලයට ආවෙත් නෑ. මේ වෙලාවේ පුද්ගලික වාහනවලින් දුවන්නෙත්.”   

  1. මහින්දානන්ද අලුත්ගමගේ අද 69 ලක්ශේ මහජනයා යන බස්වල,ත්‍රී විල්වල සහා මොට සයිකල් වල තත්වේ බලන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18