නැවත 5000 දෙන්නේ මෙන්න මේ අයටයි

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඊයේ (14) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එකඟතාව හිමි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.  

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්විය. 

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුවු බවය.

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?