ස්ථාන මාරු ක්‍රියාවලියට විරෝධය පළකරමින් අද (04) පෙරවරු 8 සිට යළිත් වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
ඒ, අනුව අද (04) දිනයේ දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමය පැවසුවේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ නම් සාකච්ඡාවකට සූදානම් බවයි.
ස්ථාන මාරු ක්‍රියාවලියට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී ද සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













