සංචරණ සීමා ඉවත්කිරීමට පී. සී. ආර් බලපාන හැටි – සෞඛ්‍ය ප්‍රධානියාගේ අනාවරණය

දැනට රටපුරා කි‍්‍රයාත්මක සංචරණ සීමා ඉවත් කිරීම පිළිබදව තීරණය කිරීමට හැකිවන්නේ මෙම සතිය තුළ හඳුනාගනු ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා

එසේම රට තුළ කි‍්‍රයාත්මක පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමේ කි‍්‍රයාවලියේ වෙනසක් ඇති කිරීමට තීරණය කළ බවද ඔහු පවසනවා

ඒ අනුව ඉදිරියේදී නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් අනතුරුව නිවෙස් වෙත යැවීමට කටයුතු කරන බවත් එමගින් අවදානම් සහිත පුද්ගලයන් පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනට රට තුළ කි‍්‍රයාත්මක සංචරණ සීමාවන්ගේ ප‍්‍රතිඵල තවත් සතියකින් දෙකකින් පමණ දැන ගැනීමට හැකිවන බවද වැඩිදුරටත් පවසා සිටිනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22