දෙලක්ෂ හතළිස් හයදහසක කප්පමක් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක කප්පම් මුදලක් ලබාගත බවට ලද පැමිණිල්ලක් මත සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කුරුවිට පොලිසිය මඟින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එන්ජින් ධාරිතාවය 1000cc වර්ගයේ යතුරුපැදියක් විකිණීමටඇතැයි කුරුවිට ප්‍රදේශයේ තරුණයෙක් වට්ස්ඇප් සමාජ මාධ්‍ය සමූහයකට දැමූ පණිවුඩයක් දැක, ඒ ඔස්සේ පොලිසියෙන් බව පවසා තරුණයාගේ නිවෙසට පැමිණි ඇති සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදිය හිමි තරුණයාගේ පියාගෙන් කප්පම් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු රුපියල් දසලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, එවැනි මුදලක් ලබාදීමට නොහැකි බව තරුණයාගේ පියා පවසා තිබෙනවා.

එහිදී පන්ලක්ෂයක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ තුනක් ලබාදීමට එකඟවීමෙන් අනතුරුව කුරුවිට – දැරණියගල මාර්ගයේ දී රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක මුදලක් සැකකරුට ලබාදුන් බවයි තරුණයාගේ පියා පොලිසිය පැමිණිලි කර ඇත්තේ.

එම මුදල ලබා ගැනීමට සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවත් පුද්ගලයෙකු ද සමඟ මෝටර් රථයකින් පැමිණි බවද පැමිණිල්ලේ සඳහන්.

කෙසේ වෙතත් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුව යතුරුපැදිය රැගෙන කඩුවෙල පොලිසිය අසලට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, මුදල් ලබා දුන්න ද එම පොලිස් නිලධාරියාගෙන් සිදුවන කරදරය අවසන් නොමැති නිසා මේ පිළිබඳව තරුණයාගේ පියා ඔහුට හිතවත් පොලිස් නිලධාරියෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබෙනවා.

ඒ, අනුව මධ්‍යම අපරාධ කොට්ථාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියසිංහගේ උපදෙස් අනුව මේ පිළිබඳව සබරගමු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග සහ අධික්ෂණයෙන් කුරුවිට පොලිසිය මඟින් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47