ඉන්ධන අර්බුදයක් තිබුණත් ජාතික උත්සව කප්පාදු කිරීමේ කිසිඳු සූදානමක් නැහැ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය වැනි ජාතික උත්සව කප්පාදු කිරීමේ කිසිඳු සූදානමක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අද (31) මධ්‍යම රාත්‍රියේ දී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

“ජනතාවගේ දෛනික ජීවිතය කියන්නේ ආර්ථික කටයුතු පමණක් නෙමෙයි ජනතාවගේ වින්දනීය, සංස්කෘතික, සෞන්දර්යාත්මක සමාජීය ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ එළැඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය සහ අනිත් ආගමික උත්සයන් කප්පාදු කිරීමට”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51