ආර්ථික කටයුතු යථාවත්කිරීමට අධීක්ෂණ කමිටු 04ක් පිහිටුවීමට අනුමැතිය

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය මත ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජිවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගතයුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු හතරක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

  1. බලශක්ති කමිටුව – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ
    ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම් ස්ථාවරව පවත්වා ගෙන යාමට අදාළ හදිසි මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම, සැපයුම් මූලාශ්‍රයන් සහ නව සැපයුම්කරුවන් හඳුනාගැනීමට
  2. රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වා ගෙනයාම සඳහා වන කමිටුව – අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වය යටතේ
    රාජ්‍ය සේවය අඛණ්ඩව, කාර්යක්ෂමව භා ක්‍රමානුකූලව පවත්වා ගනිමින් ආර්ථික කටයුතු පවත්වා ගැනීමට මෙන්ම මහජනතාව සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා කඩිනමින් තීරණ ගැනීම.
  3. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණය සඳහා වන කමිටුව – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ
    අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය හා පුද්ගලික සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වා ගනිමින් මහජනතාවට වෙළෙඳපොළ හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම.
  4. විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධනය සැලසීම සඳහා වන කමිටුව – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ ප්‍රජා සවිබලගැන්වීම් ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ
    දෛනික ජන ජීවිතයේ ඇති වන ගැටලු සහ බලපෑම් ක්ෂණිතව හඳුනාගෙන අවශ්‍ය ආපන සමඟ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40