AFC Banner
Empty Ad
Empty Ad

දරුණු පිපිරීමකින් චීනය සෙළවෙයි – මළ සිරුරු සොයා මෙහෙයුම්

චීනයේ දරුණු පිපිරීමක් සිදුව තිබෙනවා.

එරට හුබෙයි පළාතේ, ශියාන් නගරයේ මෙය සිදුව ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

පිපිරීම එරට වේලාවෙන් පෙරවරු 6.30ට පමණ සිදුවූ බවත්, මෙය සිදුව ඇත්තේ නිවාස සංකීර්ණයක් සහ වෙළඳ පොළක් ආශ්‍රිතව බවත් මේවන විට ලැබෙන ආරංචි මාර්ග පවසනවා.

එම ගොඩනැගිලි සුණුවිසුණූ වී ඇති අතර මේවන විට හමු වී ඇති මළ සිරුරු ගණන 11ක්.

තුවාළ ලැබූ පිරිස 144ක් වන අතර ඔවුන්ගෙන් 40කට ආසන්න පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

එමෙන්ම තුවාළකරුවන් සහ මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් වර්ධනය විය හැකි බවට මත පළ වනවා.

සුන්බුන්වලට යටවී සිටින පිරිස් සහ මළසිරුරු සොයා මේවනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පැවසෙනවා.

මේවන විට සැකකෙරෙන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට යි.

වීඩියෝ සහ ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?