තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල් බාලා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුපයියා නිර්මලා නම් සැකකාරිය 41 හැවිරිදි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

එම කාන්තාව මෙරට අපරාධ රැසකින් පසු ඉන්දියාවට පළාගොස් සිටින තෙල් බාලා නම් සැකකරුගේ දියණිය බවට හෙළිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් ද සොයාගෙන ඇති බවයි.

අදාළ කාන්තාව විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට  භාරදී තිබෙනවා. මෙම සැකකාරියගේ පියා වන තෙල් බාලා නම් සැකකරු මෙරට සිදුකළ අපරාධ රැසකින් පසු මීට වසර 15කට පමණ පෙර ඉන්දියාවට පළාගොස් ඇති අතර අනතුරුව මීට වසර තුනකට පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09