යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරක දී මන්නා පිහියක් වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටෙන අවස්ථාවේ එක් යතුරුපැදියක හැඩලය මත තිබූ මන්නා පිහියක් වැදී තුවාල ලැබූ අයෙක්
හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හලාවත, කරවිටාගාරය ප්‍රදේශයේ දී ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත, මුගුණුවටන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

කරවිටාගාරය, කීනගස්පිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයේ දී එම යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී එක් යතුරුපැදියක හැඩලය මත තිබූ මන්නා පිහියක් අනෙක් යතුරුපැදියේ පැමිණි පුද්ගලයාගේ සිරුරේ වැදී කැපුම් තුවාල සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී තුවාලකරුව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතට, රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ අනෙක් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23