ඉරානයේ මෙහ්රාබාද් ගුවන්තොටුපොළට දැවැන්ත ප්‍රහාරයක් (වීඩියෝ)

ටෙහෙරානයේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන මෙහ්රාබාද් ගුවන්තොටුපොළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ කාර්යබහුලම සහ ප්‍රධාන වාණිජ ගුවන්තොටුපළවන මෙහ්රාබාද් ගුවන්තොටුපොළේ නවතා තිබූ ගුවන් යානා මෙම ප්‍රහාරයෙන් ගින්ගෙන දැවෙන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

ඊශ්‍රායලය අද (07) අලුයම් කාලයේ මෙහ්රාබාද් ගුවන්තොටුපොළ වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ, යුද්ධය ආරම්භ වූ දා සිට ඇති වූ නරකම රාත්‍රිය ඊයේ රාත්‍රිය බවයි.

ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර ඉරානයට මීට පෙර එල්ල වූ ප්‍රහාරවලට වඩා තීව්‍ර වූ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ හමුදා සහ බුද්ධි අංශ ස්ථාපනයන් ඇතුළුව දින 03ක් තුළ ඉරානයේ පාලන තන්ත්‍රයට සම්බන්ධ ඉලක්ක 600 කට වැඩි ගණනකට විශාල පරිමාණයේ ප්‍රහාර රැල්ලක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51