කංජිපානිගේ ගෝලයෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක් ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ අත්අඩංගුවට පත් 30 හැවිරිදි පුද්ගලයා “ක්ලෙමන්“ නැමති නාමයෙන් හඳුන්වනු ලබන බවය.

ඊයේ (11) සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?