අන්තර්ජාලය නිසා නරක පුරුද්දක් ලොක්ඩවුන් සමයේ දී වැඩි වෙලා

සංචරණ සීමා යටතේ ගතවූ සතියක කාලය තුළ මෙරට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය (කසිප්පු පෙරීම) 75%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුවයි.

මෙලෙස කසිප්පු පෙරීමට බොහෝදෙනා වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ අන්තර්ජාලයේ මත්පැන් වර්ග නිෂ්පාදනය කරන ආකාරය විස්තර කෙරෙන ලිපි සහ වීඩියෝ නැරඹීමෙන් බවද ආරක්ෂක අංශ විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව සඳහන්.

එම වාර්තා අනුව පසුගිය මැයි මස 21 සිට 28 දක්වා ගතවූ සතියක කාලය තුළ ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 8209ක්. 

මැයි මස 29දා සිට ජූනි මස 05දා තෙක් ගතවූ සතිය තුළ අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 13,943ක්වන අතර ඒ අනුව සතියක කාලයක් තුළ කසිප්පු නිෂ්පාදනය 75%කින් පමණ වර්ධනය වී ඇති බව සඳහන්.

නිෂ්පාදිත කසිප්පුවලට අමතරව කසිප්පු නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් දහස් ගණනක්ද පොලිස් අත්අඩංගුවට පත්වුණා. 

ගෝඩා ලීටර් 5917ක් මැයි මස 21 සිට 28 දක්වා සතිය තුළ අත්අඩංගුවට ගත් අතර මැයි 29 සිට ජූනි මස 05දා දක්වා අත්අඩංගුවට ගත් ගෝඩා ප්‍රමාණය ලීටර් 12,609ක් වනවා. 

එම දත්ත අනුව ගෝඩා නිෂ්පාදනය සියයට සියයකටත් වඩා වර්ධනයක් පෙන්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව පවරන ලද නඩු සංඛ්‍යාවෙහිද විශාල වර්ධනයක් පෙන්වා ඇති අතර මැයි මස 21 සහ 28 අතර කාලය තුළ නීති විරෝධී මත්පැන් නඩු 2144ක් ද, මැයි මස 29 සිට ජූනි මස 05දා දක්වා ගතවූ සතිය තුළ නඩු 3237ක් ද පවරා තිබෙනවා.

ඒ අනුව සතියක කාලයක් තුළ හොර මත්පැන් නඩු සංඛ්‍යාවද 1093කින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55