ගෑනියෙක් නිසා තාත්තයි පුතයි මරා ගෙන

හේනේ පැලේදී පුතාගේ බිරියට තාත්තා අයුතු යෝජනා කළාලු

ජම්බුගහපිටිය, මන්දණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් ආරවුලක් මුල්කරගෙන පිහියකින් එකිනෙකාට ඇනගෙන ඇතැයි කටුගස්කොට පොලිසිය පැවසීය.

එම පියා විසින් පුතුගේ බිරිඳට අයුතු යෝජනාවක් කිරීම සහ ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පොලිසිය කීවේය.

තම පියා විසින් තමාට පිහියකින් කෙටු බවට පුතා විසින් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, තම පුතා තමා පසු පස පන්නා තමාට පිහියකින් කෙටු බවට පියා විසින් ද පොලිසියට පැමිණිලි කර ඇත.

විමර්ශන වලින් අනතුරුව කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකාර පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පුතා නිතරම මහගෙදර ඔහුගේ නමට ලියා දෙන ලෙස තමාගෙන් කරනු ලබන ඉල්ලීම ඉවසාගත නොහැකිව හේනේ තැනු පැලක ජීවත්ව සිටි බවත් එසේ පැලේ සිටියද තමා පුතාට සලකන බවත් එම පියා පොලිසියට පවසා ඇත. තමාට අයත් ත්‍රිරෝද රථය පාවිච්චි කරනන්නේද පුතා බවද හෙතෙම වැඩිදුරටත් පොලිසියට පවසා තිබේ.

මේ අතර, පුතා පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ පියාට ආහාර රැගෙන හේනේ පැලට ගිය අවස්ථාවේ ඇයට අයුතු යෝජනාවක් කළ නිසා ඔහු සමග ආරවුලක් ඇතිකරගත් බවයි.

අත්ඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (9 වැනිදා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර, වැඩිදුර විභාගය ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

විජේරත්න හල්ඔලුව – හාරිස්පත්තුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14