ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි – සජිත් (වීඩියෝ)

මෙරට ගල් අගුරු ආනයන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති මොහොතක රජය විසින් හදිසි මිලදී ගැනීමක් සඳහා ටෙන්ඩරයක් කැඳවීමක් සිදු කර ඇති බවත් එලෙස හදිසි ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීමට සිදු වූයේ ආනනයක කළ ගැන අඟුරු ප්‍රමිතියෙන් තොර වූ නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කර අද (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙන්වීම නිසා මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අතර එම ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුරුන් ද යන වග රජය විසින් අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?